Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යෝජිත මාදුගැට ජලාශය ඉදිකිරීම් ජාත්‍යන්තර අනුමැතියෙන් පසු  

Add comments

යෝජිත මාදුගැට ජලාශය ඉදිකිරීම ලෝක උරුම කමිටුව ඇතුලු අදාල ජාතික හා ජාත්‍යන්තර ආයතනවල අනුමැතිය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා සහතික කරනවා.

සිංහරාජ වනාන්තර සීමාවේ ජනාවාස ප්‍රදේශයක් වන මාදුගැට ගම ආශ්‍රිතව මාදුගැට ජලාශය ඉදිකිරීම පිළිබද ඇතැමුන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් ගෙනයමින් පවතිනවා. ව්‍යාපෘතිය පිළිබද නිවේදනයක් නිකුත් කරන වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ ගිං සහ නිල්වලා ගංගාවලින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන සියයට 80 ක පමණ ජල ධාරිතාවක් මුහුදට ගලා යන බවයි. එය ප්‍රයෝජනයට ගැනීම සදහා පළමු යෝජනාව ඉංග්‍රීසින්ගේ යුගයේදී එනම් 1887 වසරේදී නිල්වලා ගගේ ශාඛාවක් හම්බන්තොටට හැරවීම යනුවෙන් බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර තිබෙනවා.

මීට පසුව අවස්ථා කිහිපයකදීම විවිධ යෝජනා ඉදිරිපත් වුණා. 2009 වසරේදී කළ සැලැස්මට අනුව ඉහත ගංගා දෙකේ ජලය මෙරට ගිණිකොන දිග වියළි කලාපයට රැගෙන යාම සදහා ජලාශ  3ක් ඉදිකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අතුරින් එකක් වන්නේ සිංහරාජ වනාන්තර සීමාවේ ජනාවාස ප්‍රදේශයක් වන මාදුගැට ගම ආශ්‍රිතව මාදුගැට ජලාශය ඉදිකිරීමයි. සිංහරාජය 1988 වසරේ සිට ලෝක උරුමයක් වන බැවින් මෙවැනි සංවර්ධන කාර්යයන්හිදී ලෝක උරුම කමිටුවෙන්ද අනුමැතිය ලබා ගත යුතු වනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන්. වසරකට‌ වරක් ලෝක උරුම කමිටුව රැස්වන බැවින් මීළග කමිටු රැස්වීමේදී අදාල යෝජනාව සාකච්ඡාවට ගනු ඇති බවයි වාරිමාර්ග ආමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ. ඒ අනුව මාදුගැට ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊට අවශ්‍ය සෑම අංශයකින්ම අනුමැතිය ලැබීමෙන් පසුව බව ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

The post යෝජිත මාදුගැට ජලාශය ඉදිකිරීම් ජාත්‍යන්තර අනුමැතියෙන් පසු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG