Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදුජන පෙරමුණට වසර 04 ක් සපිරීම වෙනුවෙන් රටපුරා බලමණ්ඩල රැස්වීම්  

Add comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 04 ක් සපිරීම වෙනුවෙන් බලමණ්ඩල රැස්වීම් තවදුරටත් රටපුරා සාර්ථකව පැවැත්වෙනවා. සිව් දෙස සුරැකි සිව් වසර යන තේමාවෙනුයි එම  රැස්වීම් සංවිධාන කෙරෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරුම්ණේ ප්‍රගතිශීල වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ මාතර දිස්ත්‍රික් නියෝජිත සමුළුව මාතර සමූපකාර මන්දිර ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා. ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහත්වරුන්  ඊට එක්ව සිටියා.

මේ අතර මිහින්තලය ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණු කාන්තා බලමණ්ඩල ක්‍රියාකාරී හමුව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පොදුජන පෙරමුණේ මිහින්තලය ආසන සංවිධායක එස්.එම්.රංජිත් මහතායි මෙය සංවිධාන කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන කේ.පී.එස් කුමාරසිරි, මංජුලා දිසානායක  යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට එක්ව සිටියා.

පොදුජන  පෙරමුණු කලාවැව කාන්තා බලමණ්ඩල රැස්වීමද පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන්  රැසක් එම හමුවට එක්වුණා.

 

The post පොදුජන පෙරමුණට වසර 04 ක් සපිරීම වෙනුවෙන් රටපුරා බලමණ්ඩල රැස්වීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG