Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ සිදු වූ මහා භූ චලනය සිදු වී වසර 10 ක් සපිරෙයි  

Add comments

නැගෙනහිර ජපානයේ සිදු වූ මහා භූ චලනය සිදු වී වසර 10 ක් සපිරෙනවා. එම විපතින් ජීවිතක්‍ෂයට පත්වූවන් සිහිපත් කරමින් හා දිවි ගලවා ගත් පිරිසට ආශිර්වාද කිරීම සදහා සංවිධාන කළ අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා.

රිච්ටර් පරිමාණ ඒකක 9 යි දශම 3 ක් ලෙස සටහන් වූ භූ කම්පනයත් සමග ඇති වූ සුනාමියත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆුකුෂිමා නගරයේ න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් හේතුවෙන් ජීවිත විසිදහසක් පමණ අහිමි වුණා. ජපානයට භෞතික වශයෙන් ද දැඩි හානියක් මෙම මහා ව්‍යසනයෙන් සිදුවුණා. එම ව්‍යසනයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් හා දිවි ගලවාගත් පිරිසට ආශිර්වාද කරමිනුයි සවරාලංකා ජි විහාරස්ථානයේදී මෙම පිංකම පැවැත්වුණේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලංකා ප්‍රජාව හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධ සංගම් කිහිපයක් එක්වයි මෙය සංවිධාන කළේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහතා ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

The post ජපානයේ සිදු වූ මහා භූ චලනය සිදු වී වසර 10 ක් සපිරෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG