Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව විප්ලවයක්  

Add comments

හමුදා පාලනයට එරෙහිව විප්ලවයක් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික ලීග ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මැන් වින් කයින් තාන් පවසා තිබෙනවා.

මියන්මාරයේ හමුදා පාලනය පත් වීමෙන් පසු පැවති පළමු ප්‍රසිද්ධ හමුවේදී හිටපු නායකයා මේ බව සදහන් කර ඇත්තේ. මියන්මාර ඉතිහාසයේ අදුරුතම මොහොත මේ වනවිට උදාවී ඇති  බව ඔහු කියා සිටියා. කෙසේ වෙතත් ජයග්‍රහණයේ අරුණාලෝකය වැඩි ඈතක නොවන බවයි හිටපු සිවිල් නායකයා පෙන්වා දුන්නේ. මියන්මාරය තුළ මේ වනවිට උද්ඝෝෂණ ව්‍යාපාර ඉහළ යමින් පවතින අතර ඊයේ දිනය තුළදී පමණක් විරෝධතාකරුවන් දෙලොස් දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සූ චි මේ වනවිටත් හමුදා පාලනයේ රැදවුම් භාරයේ සිටිනවා. හමුදා පාලකයන් සදහන් කරන්නේ ජාතික ලීගය පසු ගිය මහ මැතිවරණය වංචනික ආකාරයෙන් ජයග්‍රහණය කළ බවයි. එම ක්‍රියාව පිටුපස අවුන් සාන් සු චි ද සිටින බවට ඔවුන් චෝදනා කරනවා.

 

 

 

The post මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව විප්ලවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG