Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෞද්ධයන් ලෙස අපි පොහොයකට හෝ පන්සල් යාම සිදු කළ යුතුයි – අගමැති  

Add comments

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යාම සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද ප්‍රකාශ කළා. පුත්තලම මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ .

මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විහාරාධිපති පූජ්‍ය දේවහන්දියේ සද්ධානන්ද ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ජන්ම දිනයට සුබ පැතුම් එක් කළා. විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60 ක් උසින් යුත් චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ප්‍රතිසංස්කරණය කළ මකර තොරණ හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්‍ෂණය කළ ඉපැරණි විශ්ණු දේවාලය විවෘත කිරීමට අග්‍රාමාත්‍යවරයා එක්වූයේ ඉන්පසුවයි. විහාරස්ථානයට අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සංකේතවත් කරමින් රත් හදුන් පැළයක් ද රෝපණය කෙරුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම, කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහටවිල පියරතන යන ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානය පිළිබද සංස්කරණය කෙරුණු සමරු කලාපය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. සමාජය නිවැරදි මගට යොමු කිරීම වෙනුවෙන් ගමත් පන්සලත් අතර ඇති සබදතාව වඩාත් තහවුරු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

සනත් නිශාන්ත, පියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post බෞද්ධයන් ලෙස අපි පොහොයකට හෝ පන්සල් යාම සිදු කළ යුතුයි – අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG