ඊයෙ දිනයේදි මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 271 දෙනෙක් හදුනා ගත්තා.
ඊයේ දිනය තුළ හදුනා ගත් කොරෝනා ආසාදිතයින් 271 දෙනා අතුරින් 20 දෙනෙකු විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. සෙසු පිරිසෙන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 77 ක්. කොළඹින් ආසාදිතයින් 64 දෙනෙකු හා ගම්පහින් ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ හදුනා ගැණුනා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91,289 ක්. ඒ අතුරින් 2,851 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 410 ක්. මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87,881 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
ඊයේ දිනයේ ද මරණ 3 ක් වාර්තා වුණා. පස්සර ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක්, කිරිඇල්ල පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් හා මහනුවර පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 557 ක්. ඒ අතුරින් 345 දෙනෙකු පිරිම පුද්ගලයින් වනවා. සෙසු 212 දෙනා කාන්තාවන්.
ත්‍රිවිධ හමුදාව පලානය කරන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 8,638 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරට සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 9,697 ක්.
කොරෝනා මර්දන එන්නත් කරණ වැඩපිළිවෙළ ද තවදුරටත් ක්‍රියාත්මකයි. චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ 6 ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත අතර එය ලබන සතිය තුළ මෙරටට ලැබෙනු ඇති. එමෙන්ම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ද මෙරට භාවිතයට අවසර ලබාදී ඇති අතර එම එන්නත් ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ලැබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කෙසේ වුවද ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ වනවිට පුද්ගලයින් 869,709 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 271ක් – වැඩිම ආසාදිතයින් යාපනයෙන් appeared first on ITN News.
Post a Comment