දේශපාලන පලිගැනීම් කොමිසමෙන් තමන් සම්බන්ධයෙන් කළ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම තහවුරු කිරීමට ලබන 30 වනදා නඩුව යළි කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නේ.
ලබන 30 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙසටද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.
The post අනුර කුමාරගේ රීට් පෙත්සම සළකා බැලීම 30 වනදා appeared first on ITN News.
Post a Comment