Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් පිහිටුවීමේ වැඩපිළිවෙළක්  

Add comments

සමෘද්ධිලාභීන් ණය හා ආධාර මත පමණක් ජීවත් වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයන් ලෙස නැගී සිටීමේ හැකියාව ඇති පිරිසක් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

සමෘද්ධි,  ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබද මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

නිෂ්පාදන ගම්මාන 500 ක් දිවයින පුරා පිහිටුවීමේ වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. දැනටමත් එවැනි ගම්මාන 50 ක් ආරම්භ කර තිබෙනවා. ආබාධ සහිත පිරිස් හදුනා ගනිමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේ. සමෘද්ධි කාන්තා ව්‍යවසායිකාවන් විසිපන්දහසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ද ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙනවා. සමෘද්ධි සහනාධාරය අවශ්‍ය නොවන පිරිස් සිය කැමැත්තෙන් ඉවත් වීමේදී සියයට 4 ක සහන පොළී අනුපාතයක් යටතේ රුපියල් ලක්‍ෂ 5 ක ණයක් ලබා දීමට ද මෙහිදී තීරණය කෙරුණා.

 

 

 

The post දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් පිහිටුවීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG