Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක්  

Add comments

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනය ගාලු මුවදොර පිටියේදී අද පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය ගුවන් හමුදාවත් සමග ඒකාබද්ධවයි මෙම සංදර්ශනය පවත්වන්නේ. එළඹෙන පස් වනදා දක්වා මෙම ගුවන් යානා සංදර්ශනය පැවැත්වෙනවා. ඉන්දියාව හා මෙරට අතර පවතින ආරක්ෂිත මිතුදම ශක්තිමත් කරමින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 14 ක් ඊට එක්කර තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා 24 ක එකතුවක්ද සංදර්ශනය විචිත්‍රවත් කළා. ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුලු ආරක්ෂක ප්‍රධානීන් ගුවන් සංදර්ශනය නැරඹීමට එක්ව සිටියා.

 

 

 

 

The post ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG