Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක උපත් ආබාධිත දිනය අදයි  

Add comments

ලෝක උපත් ආබාධිත දිනය අදට යෙදී තිබෙනවා. උපතේදී සිදුවන ආබාධ හේතුවෙන් රටක් සෞඛ්‍යමය අතින් වගේම සමාජයීය ආර්ථික අතිනුත් පසුබෑමට ලක්වනවා. එය වැළැක්වීමටයි ලෝක උපත් ආබාධිත දිනය නම් කර තිබෙන්නේ.

ලොව පුරා මිලියන 8 ක පමණ ජනතාවක් උපත් ආබාධ නිසා පීඩාවට පත්ව සිටිනවා. බිළිදු මරණවලින් සියයට 11 ක් පමණ සිදුවන්නේ උපත් ආබාධවලින් බවයි පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ. කුස තුළ මියයන දරුවන්ගෙන් සියයට 10 කගේ මරණවලටද මෙම උපත් ආබාධ බලපානවා.

මෙරට තුළද වසරකට 500 ත් 600 ත් අතර දරුවන් පිරිසක් මව් කුස තුළදී උපත් ආබාධ නිසා මිය යනවා.උපත් ආබාධ සත්කාර සහ වැළැක්වීම පිළිබද කොළඹ ප්‍රකාශය එළිදැක්වීමද අද සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදි පෙන්වා දුන්නේ සෞඛ්‍ය දර්ශක අතින් ශ්‍රී ලංකාව බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින බවයි.

 

 

The post ලෝක උපත් ආබාධිත දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG