Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රමාද වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්  

Add comments

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී නිලධාරී හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රමාද වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළා. ඇතැම් ව්‍යාපෘති ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ අන්තර් ආයතනික සබදතා දුරස්වීම හේතුවෙන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මනා සන්නිවේදනයකින් යුතුව ආයතන කටයුතු පවත්වන ලෙස උපදෙස් දුන්නා.

අනවසර ඉදිකිරීම් වෙනුවෙන් පියවර ගැනීම, නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනයට දායක කර ගැනීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. වැලිකඩ බන්ධනාගාරය පිහිටුවීම,මාතර කොටුව හා මහනුවර රථ ගාල සංවර්ධන ව්‍යාපෘති පිළිබදව ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළා. 2015 වසරට පෙර රටේ පැවති සංවර්ධන වේගවත් ගමන යළි ආරම්භ වී ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

 

The post ප්‍රමාද වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG