Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බටහිර රටවල් මානව හිමිකම් කඩකිරීම් නවතාලිය යුතු බව චීනය අවධාරණය කරයි  

Add comments

බටහිර රටවල් මානව හිමිකම් කඩකිරීම් වහාම නවතාලිය යුතු බව චීනය අවධාරණය කරනවා.

චීනයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා මේ බව පවසා සිටියේ හතලිස් හයවන මානව හිමිකම් කවුන්සිලය අමතමින්. අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීම්ද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වහාම නවතාලිය යුතු බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ. ඇමරිකාව බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව, කැනඩාව ඇතුලු යුරෝපීය රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්ති පවා හෑල්ලුවට ලක් කරමින් සිටින බව ඔහු චෝදනා කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත නිරන්තරයෙන් ඇගිලි දිගු කරමින් එම රටවල සංවර්ධනය හා මානව අයිතිවාසිකම් අඩාල කිරීමට හිතාමතා කටයුතු කරන බවටයි චීනයේ නිත්‍ය නියෝජිතවරයා චෝදනා කර සිටියේ.

 

 

 

The post බටහිර රටවල් මානව හිමිකම් කඩකිරීම් නවතාලිය යුතු බව චීනය අවධාරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG