මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ 4 වන අදියර ලෙස යටියන ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
මාතර සමස්ත ජල සම්පාදන ව්‍යාපෘතිය තුළින් පානීය ජලය ඝන මීටර හැටදහසක් නිපදවීමට සැලසුම් කර තිබෙනවා. 2025 වසර වන විට මාතර, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ජීවත් වන දෙලක්‍ෂ අසූපන්දහසකට පමණ පානීය ජලය ලබා දීම අපේක්‍ෂාවයි. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post යටියන ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment