Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණ අඛණ්ඩව  

Add comments

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව ක්‍රියාත්මක උද්ඝෝෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ චී හමුදා භාරයෙන් නිදහස් කරන ලෙසයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ. පෙබරවාරි 01 වන දින ඇයව අත්අඩංගුවට ගැනීමෙන් පසු පළමු වරට ඊයේ දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. ඇය යහපත් සෞඛ්‍ය යෙන් පසුවන බව ඇයගේ නීතිඥයින් පවසනවා.

එමෙන්ම අවුන් සාන් සූ චී ට විරුද්ධව හමුදා පාලනය විසින් නව චෝදනා දෙකක් ද අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ. ඇයට විරුද්ධ නඩු විභාගය ලබන 15 වනදා නැවත කැදවීමට නියමිතයි.

මේ අතර විරෝධතාකරුවන් හා පොලිසිය අතර පෙරේදා දිනයේ දී දරුණු ගැටුම් හටගත් අතර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

The post මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණ අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG