යේමනයට ආධාර සැපයීම සදහා රටවල් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් පවසනවා.
යේමනයේ ඇති වී තිබෙන බරපතල ආර්ථික අර්බුදය විසදීම සදහා පැවති ආධාර රැස් කීරීමේ සමුළුවේදීයී ඒ මහතා මේ බව කියාසිටියේ. යේමනයට ආධාර සැපයීම සදහා ඇමෙරිකා ඩොලර් බිලියන එකයි දශම හතක මුදලක් සොයා ගැනීමට මෙම සමුළුව පැවැත්වුණා. යේමනයට ලැබෙන ආධාර කප්පාදු කිරීමෙන් දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අනතුරක හෙළන බවයි ජගත් මහලේකම්වරයා පැවසුවේ. යේමනයේ දැඩි දුර්භික්ෂ තත්ත්වයක් ඇති වී තිබෙන අතර මිලියන 16 කට වැඩි සංඛ්‍යාවක් සාගතයකට මුහුණපා සිටිනවා.
The post යේමනයට ලැබෙන ආධාර කප්පාදු කිරීමෙන් ජනතාවගේ ජීවිත අනතුරේ appeared first on ITN News.
Post a Comment