Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරණු සොයා බලන වැඩ පිළිවෙළ අඛණ්ඩව  

Add comments

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය විසින් පත් කරනු ලැබු කොමිසමේ වාර්තා කෙසේ වුවද වර්තමාන රජය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරණු සොයා බලන වැඩ පිළිවෙළක් තාමත් ක්‍රියාත්මක බව සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එසේම අමාත්‍ය අනුකමිටුව මේ වන විට පිටු 600කින් සමන්විත මෙම වාර්තාවේ විශේෂ කරුණු සැලකිල්ලට ගනිමින් විමර්ශනය කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය.

කැබිනට් මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදින් මේ සම්බන්ධයෙන් නැඟු ගැටලුවට පිළිතුරු දුන් ඇමතිවරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටු වුයේ නැත්නම් මේ වන විට මේ රජය විසින් CID හා TID දෙකටම දන්වා මේ වන විට පරික්ෂණයක් සිදු කළ ගෙන යන බවත්, දී තිබෙන වාර්තාව ඒ ආකාරයෙන් තියෙන අතරතුර වුවද, මෙම පරික්ෂණ දිගටම පැවැත්වෙන බව ද කීය.

The post පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක කරණු සොයා බලන වැඩ පිළිවෙළ අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG