අමෙරිකාව චීනය සමග ගැටුමක් ඇති කර ගැනීමට සූදානම් නොමැති නමුත් දැඩි තරගයකට සූදානම් බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
සිය ප්රථම ධවල මන්දිර ප්රවෘත්ති සාකච්ඡාව අමතමින් අමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා. ඔහු වැඩිදුරටත් පවසන්නේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් පසු තමන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාවේ නිරත වූ බවයි.
චීනයේ අභිලාෂය වන්නේ ලෝකයේ ප්රමුඛ රට මෙන්ම බලවත්ම රට බවට පත්වීම බව තමා විශ්වාස කරන බවයි ජෝ බයිඩන් පවසන්නේ. එය නතර කිරීමට තමා ප්රතිඥා දී ඇති බවද ඔහු පවසනවා.
The post චීනය සමග ගැටුමකට නොව දැඩි තරගයකට සූදානම් – ජෝ බයිඩන් appeared first on ITN News.
Post a Comment