කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන බ්‍රසීලයේ ඇතැම් කොවිඩ් රෝගීන් ඉන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා.
රෝහල් කිහිපයක සියයට 100 ඉක්මවා රෝගීන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි සදහන් වන්නේ. වසංගතයේ දරුණු බලපෑමත් සමග බ්‍රසීලයේ රෝහල්වල සැපයුම් අඩු මට්ටමක පවතින බැවින් එක් වෙරළබඩ නගරයක් පවසන්නේ ඇතැම් කොවිඩ් රෝගීන් එලෙස කෘතිම ශ්වසන යන්ත්‍රවලින් ඉවත් කිරීමට සිදුව ඇති බවයි.
මේ වන විට බ්‍රසීලයේ කොවිඩ් වෛරසයට ආසාධිතයින් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර රටේ සෞඛ්‍ය පද්ධතියද කඩා වැටීමට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
The post බ්‍රසීලයේ ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් සිටින කොවිඩ් රෝගීන් ඉන් ඉවත් කරයි appeared first on ITN News.
Post a Comment