කොරෝනා උවදුරෙන් රට නිදහස්වී සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසේවායි යන ප්‍රාර්ථනයෙන් සර්ව රාත්‍රික පිරිත් පිංකමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇසිදිසි ක්‍රිකට් ක්‍රීඩා සමාජය සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයයි මෙය සංවිධාන කළේ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය සදහා වැඩමකර සිටියා.
මේ අතර අද උදෑසන මහා සංඝරත්නය සදහා දානමය පිංකමක් ද පැවැත්වුණා. රටටත් රජයටත් ලක්වාසී සියලු දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරමිනුයි පිංකම් පැවැත්වුණේ.
The post රටටත් රජයටත් ලක්වාසී සියලු දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරමින් සර්ව රාත්‍රික පිරිත් පිංකමක් appeared first on ITN News.
Post a Comment