Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාහන නිෂ්පාදනය හා එකලස් කිරීම ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාව සූදානම්  

Add comments

ශ්‍රී ලංකා මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කිරීමේ සම්මත මෙහෙයුම් පටිපාටිය එළි දැක්වුණා. ඒ   ශ්‍රී ලංකාව මෝටර් රථ නිෂ්පාදනය සදහා යන ගමන සනිටුහන් කරමින්.

මෙම මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළි ගැන්වීම අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදු කෙරුණා. දේශීය කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කළ මෙම මෙහෙයුම් පටිපාටිය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඊට අදාළ වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද අගමැතිතුමා අතින්. මේ සමග වාහන නිෂ්පාදනය හා එකලස් කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමට හැකි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. රටේ මුදල් පිටරටට ගලායාම අවම කරමින් විදේශ විනිමය ඉතිරි කරමින් ජාතික ආර්ථික අභියෝග ජය ගැනීමේ හැකියාව අප සතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

The post වාහන නිෂ්පාදනය හා එකලස් කිරීම ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකාව සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG