පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ඊයේ ආරම්භ වුණා. මේ වැඩසටහනට දායකත්වය ලබා දෙමින් දිවයිනේ සෑම ප්‍රදේශයකට පුරන් කුඹුරු අස්වැද්දීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 1200 ක් අස්වැද්දීමට රජය පියවර ගෙන තිබෙනවා. එම කටයුතු සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත්ගම, ඊරියගොල්ල වෙල්යායේදී ආරම්භ කෙරුණේ පාදුක්ක සංවර්ධන කමිටු සභාපති රවීන්ද්‍ර ජයසිංහ හා හිටපු පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.
වෙන්නප්පුව ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්කර 55 ක් අස්වැද්දීම ද ආරම්භ කෙරුණා. හාල්දඩුවන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් එම කටයුතු සංවිධාන කර ඇති අතර යල මහ දෙකන්නයේම මෙම කුඹුරු වගා කිරීම කිරීම රජයේ අරමුණයි.
The post දිවයින පුරා පුරන් කුඹුරු අස්වැද්දීම ඇරඹේ appeared first on ITN News.
Post a Comment