Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඌව පළාතේ මාර්ගවල අවදානම් ස්ථාන සඳහා කඩිනමින් පිළියම්  

Add comments

මගීන් 14 දෙනෙකුට ජීවිත අහිමි කළ පස්සර බස් අනතුරෙන් පස්සේ ඌව පළාතේ මාර්ගවල අවදානම් ස්ථාන හදුනාගෙන ඒවාට පිළියම් යොදන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදීලා තියෙනවා.

පස්සර ලුණුගල මාර්ගයේ 13 වන සැතපුම් කණුව අසලදී සිදු වූ මාරක බස් රථ අනතුරින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 33 දෙනෙකු තුවාල ලැබුවා. අනතුර සිදුවන ස්ථානයේ මාර්ගයට විශාල ගලක් වැටී තිබූ අතර තවත් ගල් කිහිපයක් ද එක් පසෙක සිරවී තිබුණා. ඊ

යේ පස්වරුවේ එම ගල ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් කටයුතු කෙරෙන අතර අවදානම් සහිත ස්ථාන හදුනාගෙන ආරක්ෂිත වැටවල්  ඉදිකිරීම හා වේගසීමා ලකුණු කිරීමට කටයුතු කරන ලෙස පලාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

The post ඌව පළාතේ මාර්ගවල අවදානම් ස්ථාන සඳහා කඩිනමින් පිළියම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG