Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු ප්‍රාන්ත කිහිපයකට දැඩි හිමපතනයක්  

Add comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ඇතුළු ප්‍රාන්ත කිහිපයකට දැඩි හිමපතනයක් සිදුවන බව වාර්තා වනවා.

ඇතැම් ස්ථානයන්හි හිම තට්ටුවේ ඝනකම අඩි තුන ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. හිම පතනයත් සමඟ තිස්දහසක පමණ පිරිසකට විදුලි බලයද ඇණහිට තිබෙනවා. ඒ හේතුවෙන් ජනජීවිතයට බලපෑම් ඇති වී තිබෙන බවයි ඇමෙරිකා මාධ්‍ය සඳහන් කළේ. පැයට කිලෝමීටර් 105 ක අධික වේගයකින් හමා යන සුළං නිසා ඇතැම් ස්ථානවල දේපල හානිද සිදුව තිබෙනවා. කොලරාඩෝ ප්‍රාන්තයේ ජනතාව සඳහා අවදානම් ඇඟවීම් ද නිකුත් කර ඇති බව සඳහන්. ඩෙන්වර් අන්තර්ජාතික ගුවන් තොටුපලලේ ගුවන් ගමන්වාර 1979 ක් අවලංගු කිරීමට  ද බලධාරීන් කටයුතු කළා.

 

 

The post ඇමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු ප්‍රාන්ත කිහිපයකට දැඩි හිමපතනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG