Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපවාහිනී මහගෙදර සෞඛ්‍යාරක්ෂිතයි  

Add comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාවට සත්‍ය තොරතුරු නිරන්තරයෙන්ම සැපයීමට වගකීමෙන් යුතුව කටයුතු කළා. පුවත් විකාශනයෙන් පමණක් නොනැවතී කොරෝනා ව්‍යවසනය හමුවේ අපහසුතාවට පත් ජනතාවත් විශේෂයෙන්ම කලාකරුවනුත් උදෙසා අප කළ සමාජ මෙහෙවර සමස්ත රටවැසියාගේම ඇගයීමට ලක්ව ඇති බව නොඅනුමානයි. කොරෝනා වයිරසය එක් පුද්ගලයෙකුට, කණ්ඩායමකට, ආයතනයකට සීමා වූවක් නොව ඕනෑම මොහොතක ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට වැළදිය හැකි භයංකාර වයිරසයක් වී හමාරයි.

එවන් තත්ත්වයක් තුළ ස්වාධීන රූපවාහිනියේ අපි සේවකයන්ගේ පමණක් නොව අප වෙත එන සෑම කෙනාගේම ආරක්ෂාව උදෙසා පුළුල් සෞඛ්‍ය වැඩපිළිවෙළක් කොරෝනා ආරම්භයේ සිටම අනුගමනය කළේ විධිමත් උපදෙස් අනුවමය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ වන විට කොරෝනාව හේතුවෙන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන් වල සංසරණය වන පුවත් ගැන අප වගකිවයුතු මාධ්‍යයක් හැටියට සත්‍ය කරුණු හෙළිදරව් කළ යුතුමය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය, සමස්ත සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා උපරිමයෙන්ම නිරන්තරයෙන්ම කටයුතු කරමින් සිටින බව කොයි කාටත් නොරහසකි. පසුගිය වකවානුව තුළ පහළටම ඇද දමා තිබුණු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අද ඉහළම තලයකට පැමිණ ඇත.

එවන් තත්ත්වයක් තුළ ඒ ගමන කඩාකප්පල් කරන්නට කවුරුන් උත්සාහ කළත් එය මොනම ආකාරයකින්වත් ඉටු නොවන සිහිනයක් බවද වගකීමෙන් යුතුව අප අවධාරණය කරන්නෙමු. ඵල ඇති රුකට ගල් වදින්නා සේ දිනෙන් දිනම ජනප්‍රසාදය ලබමින් අංක එක කරා යන අපේ ගමන වළක්වන්නට කවුරුන් උත්සාහ කළත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ආදරය ඇති සමස්ත සේවකයනුත්, රටේම ප්‍රේක්ෂක ජනතාවත් සමග අපි අපේ ගමන ජනතාවාදීවම ඉදිරියටම යන්නෙමු.

මේ ඔබ දකින්නේ ස්වාධීන රූපවාහිනියේ රාජකාරිවල ස්වරූපයයි

 

The post රූපවාහිනී මහගෙදර සෞඛ්‍යාරක්ෂිතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG