Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්රථයක් දුම්රියක ගැටෙයි – පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට  

Add comments

දුම්රිය හරස් මාර්ගයකදී මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. ඒ අනතුරෙන් 9 හැවිරිදි සිසුවෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබුවා.

තලෙයිමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදීයි මෙම අනතුර සිදුවුණේ. මගී බස් රථය දුම්රියේ ගැටෙන අවස්ථාවේ ඒ තුළ පාසල් සිසුන් ඇතුලු මගීන් 30 දෙනෙකු පමණ සිට තිබෙනවා. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සංඥා පුවරු ක්‍රියාත්මක වූයේ ද යන්න පිළිබද පරික්‍ෂණ සිදු කෙරෙනවා.

බස් රථයේ රියදුරු හා කොන්දොස්තර තලෙයිමන්නාරම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

 

The post බස්රථයක් දුම්රියක ගැටෙයි – පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG