Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ  

Add comments

බුර්කාවත් නිකාබයත් පැළදීම තහනම් කිරීමක් ගැන  මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

බුර්කාව පැළදීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගේනවා කියලා  අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මයා පසුගියදා  පැහැදිලි ප්‍රකාශයක්  කළා. එහේත්  ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයට එවැනි යෝජනාවක් ඉදිරිපත් වෙලා නෑ.

ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු අරමුණු කරගනිමින් බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය කටයුතු කරන  බවට පසුගිය දින කිහිපයේ දැඩි කතාබහක් ඇති වුණා. පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසමේ විමර්ශන වාර්තා මගින් ද බුර්කාව තහනම් කළ යුතු බවට ප්‍රකාශ කොට තිබුණා. එහෙත් බුර්කාව තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බවයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා  නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

රජය සියලු පාර්ශ්ව සමග පුළුල් සංවාදයක් ආරම්භ කර ඇති අතර අවශ්‍ය එකගතාවට පැමිණීම සදහා ප්‍රමාණවත් කාලයක් ගතවනු ඇති බවයි විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරන්නේ.

 

 

The post බුර්කාව හා නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG