Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදල ඇරඹෙයි  

Add comments

ප‍්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ වුණා. ඒ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී.

සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත් වන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් උසස් පෙළ හැදෑරිමට ශිෂ්‍යත්ව ලබාදීමයි අරමුණ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව එය කි‍්‍රයාත්මක බවයි අග‍්‍රමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

අමාත්‍යවරයා රුපියල් මිලියන දහයක මුදලක් යොදා ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කර තිබෙනවා. ලබන වසරේ සිට අවම වශයෙන් සිසුන් සිය දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීම අරමුණ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.

පෞද්ගලිකව ඕනෑ ම අයෙකුට දායක විය හැකි මෙම ශිෂ්‍යත්ව අරමුදලට සමාරම්භක අවස්ථාවේ දීම පෞද්ගලික ආයතන සහ දානපතීන් රුපියල් ලක්ෂ 150ක මුදලක් පරිත්‍යාග තිබේ. මෙම අරමුදලේ සමාරම්භය‍ට වැඩම කළ මහා සංඝරත්න‍‍යේ නොමද ආශිර්වාදය ද ඊට හිමි විය.

The post ප‍්‍රඥාබන්දු ශිෂ්‍යත්ව අරමුදල ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG