මියන්මාරයේ උද්ඝෝෂකයින් හා ආරක්ෂක අංශ අතර ඊයේ දිනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගැටුම්වලින් මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ ආරක්ෂක අංශ රැගෙන ගොස් ඇති අතර මිය ගිය ගණන නිවැරදිව සටහන් කළ නොහැකි බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ. හමුදා සෙබලුන් උද්ඝෝෂකයින් හට ජීව උණ්ඩ යොදාගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරනවා. පසුගිය පෙබරවාරි පළමුවනදා එරට රජය පෙරළා හමුදාව පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ ගැටුම්වලින් මේ වන තෙක් පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව තිබෙනවා.
The post මියන්මාරයේ ඊයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 80 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment