උත්සව සමයේ දී සෞඛාරක්ෂිත උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙස කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මෙහිදි මාධ්‍යවේදියෙක් නැගූ පැනයට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ,සියලු සෞඛ්‍ය අංශ, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හා පොලිසිය මේ පිළිබඳව දැනටමත් දැනුවත් කිරීම් සිදුකර ඇති බවය.
සාමාන්‍ය,සුපුරුදු අයුරින් ජනතාව කටයුතු කළහොත් මිළඟ කොවිඩ් රැල්ල මතුවිමේ අවධානම ඇතිවිය හැකි බවද සඳහන් කළ අමාත්‍යවරයා,එබැවින් හැකිතාක්දුරට සෞඛාරක්ෂිත උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙස තමා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
The post උත්සව සමයේ දී සෞඛාරක්ෂිත උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන්න- ජනමාධ්‍ය ඇමති appeared first on ITN News.
Post a Comment