දේශගුණික විපර්යාස හේතුවෙන් සමකය ආසන්න රටවල මුහුදු සම්පත් ක්‍ෂයවෙමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
කැරිබියා මුහුද ආශ්‍රිතව සිදුකළ අධ්‍යයනයකිනුයි මේ බව හෙළි වුණේ. මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කොරල්පර , මසුන් ඇතුලු මුහුදු සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ. වසර 40 ක් ඇතුළත මුහුදු ජලයේ සිටි ජීවින්ගෙන් අඩක් පමණ 2010 වසර වනවිට සමකය ආසන්නයේ විනාශ වී ඇති බව ද මෙම වාර්තාව සඳහන් කරනවා. එම කාලසීමාව තුළදී මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දශම දෙකකින් ඉහළ ගොස් තිබෙනවා.
The post දේශගුණික විපර්යාස හේතුවෙන් සමකය ආසන්න රටවල මුහුදු සම්පත විනාශ වෙන ලකුණු appeared first on ITN News.
Post a Comment