Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලුම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප අප්‍රේල් මාසයේ සිට  

Add comments

සියලුම වතු කම්කරුවන්ට රජය පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

වතු කම්කරු ජනතාවට රජය ලබාදුන් රුපියල් දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් අධිකරණයට ගිය බවත්, ඊයේ දින අධිකරණය ඒ සඳහා නෛතික අවසර ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

සියළුම වතු සමාගම් මෙම රුපියල් දහස ගෙවීමට නෛතිකව බැඳී‍ සිටින බවද අමාත්‍යවරයා කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා නියං සමයේ කුඩා තේ වතු හිමියන්ට ලබා දී ඇති සහණාධාර සම්බන්ධයෙන් ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයේ ප්‍රථම වතාවට තේ,රබර්,පොල් ඇතුළු සුළු වැවිලි කර්මාන්ත සහ අපනයන භෝග වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් අයවැයෙන් වෙන් කර ඇත. පසුගිය වසරේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ඉල්ලුම් පත් ලබා දුන් සෑම අයෙකුටම නියං සහණාධාර ලබා දීමට රජය කටයුතු කළ බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැහැදිළි කළේය.

The post සියලුම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප අප්‍රේල් මාසයේ සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG