Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ජනාධිපති ඝාතන තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට  

Add comments

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට ලක්වූ “ප්‍රධාන සැකකරු” අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසනවා.

අගනුවර වන මාලේ හි පිහිටි සිය නිවසින් පිටත සිදුවූ පිපිරීමකින් 53 හැවිරිදි මොහොමඩ් නෂීඩ් දරුණු ලෙස තුවාල ලබා දින තුනකට පසු 25 හැවිරිදි අහුහාම් අහමඩ් රෂීඩ් මෙලස අත්අඩංගුවට ගැනුණා.

නෂීඩ් මහතාගේ තත්ත්වය සෙනසුරාදා යහපත් අතට හැරී ඇති බව පවුලේ අය පවසන බවයි මාලදිවයින් වාර්තා සදහන් කරන්නේ.

මැයි 6 වන දින බෝම්බ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ ආගමික අන්තවාදීන් විසින් වන අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු වන 21 හැවිරිදි මුජාස් අහමඩ් සහ 32 හැවිරිදි තහ්මීන් අහමඩ් යන දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. ප්‍රහාරයට සම්බන්ධ යැයි විශ්වාස කරන අනෙක් අය ගැන විමර්ශ තවදුරටත් සිදුකෙරෙනවා.

The post හිටපු ජනාධිපති ඝාතන තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG