Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jun 30

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත්  

0 comments

කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව එම ජනතාව සදහා වියළි ආහාර ඇතුළු ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ප්‍රදේශ රැසකදී සිදු කෙරුනා. පන්නිපිටිය ප්‍රදේශයේ පවුල් 150 ක් සදහා වියළි ආහාර ලබාදීම සිදු කෙරුණා. ඇමෙරිකාවේ පදිංචි හේමපාල සිල්වා මහතාගේ මූල්‍ය පරිත්‍යාග මතයි එම ද්‍රව්‍ය ලබා දුන්නේ. නාරාහේන්පිට...
Read More »

Jun 30

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙ​රේ  

0 comments

රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. වයස් සීමාව දීර්ඝ කිරීම සදහා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සදහා පසුගිය අප්‍රේල් 20 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. මීට...
Read More »

Jun 30

ගංජා අලෙවිකිරීමේ ස්ථානයක් වටලයි – දස දෙනෙකු අත්අඩංගුවට  

0 comments

පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගංජා අලෙවිකිරීමේ ස්ථානයක් පොලීසිය වැටලීමට ලක්කළා. සැකකරුවන් දස දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බටකැත්තර ගෙවල්පහ වත්ත ප්‍රදේශයේයි මෙම ගංජා ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙන්නේ. සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු මෙය පවත්වාගෙන ගිය පුද්ගලයා වන අතර අනෙක් 9 දෙනා ගංජා මිලදී ගැනීම සදහා පැමිණි පුද්ගලයින්. මෙම...
Read More »

Jun 30

රුසියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ  

0 comments

රුසියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ සිදුව තිබෙනවා. ගත වූ පැය 24 ට රුසියාවෙන් කොරෝනා මරණ 669 ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව එය වනවා. මේ වන විට රුසියාව තුළ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි සෞඛ්‍ය අංශ සදහන්...
Read More »

Jun 30

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවයි  

0 comments

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවා තිබෙනවා. වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 3,962,879ක්. ඊයේ දිනයේදී වයිරසය ආසාදිතයින් 381,839 දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,889 ක්. ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් හා මරණ වාර්තාවී ඇත්තේ බ්‍රසීලයෙන්. ආසාදිතයින් 64,903 දෙනෙකු ඊයේ දිනයේදී එරටින් හමුවී තිබෙනවා....
Read More »

Jun 30

ලොව කිසිඳු රටකට පීඩා නොකරන බව චීන ජනපති පවසයි  

0 comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය චීනයේ ටියානන්මන් චතුරශ්‍රයේදී හැත්තෑදහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. සැමරුම් උත්සවයට සහභාගී වී සිටි බහුතරයක් මුඛ ආවරණ පැළඳ නොසිටීම විශේෂත්වයක්. සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජිං පිං පවසා සිටියේ චීනය ලොව කිසිඳු රටකට පීඩාවක් සිදු...
Read More »

Jun 30

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරාන සහයෝගය  

0 comments

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීම පිණිස සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක්  අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ. මෙරට විදුලිබල සැපයුමට මෙගාවොට්...
Read More »

Jun 30

මුහුදු කැස්බෑවන් 176ක්, තල්මසුන් 4ක් සහ ඩොල්ෆින් 20ක් මියගිහින්  

0 comments

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගිනි ගැනීමත් සමඟ සිද්ධ වුණු පරිසර විනාශය නිසා මුහුදු කැස්බෑවන් 176 දෙනෙක්, තල්මසුන් 4 ක් සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි. නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ කැදවූ අවස්ථාවේදි...
Read More »

Jun 30

මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්  

0 comments

මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා. අභියෝග මැදින් සෞභාග්‍ය යේ මාවත කරා යන මැයෙන් භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා මෙහිදී මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. අසීරු කාල වකවානුවක වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්...
Read More »

Jun 30

රසායනික පොහොර වෙළඳාමෙන් ජනතාවට හානිකර ප‍්‍රතිඵල රැසක්  

0 comments

ලොව තුන්වන විශාලතම ගනුදෙනුව වන රසායනික පොහොර වෙළෙදාමෙන් ජනතාවට හානිකර ප‍්‍රතිඵල රැසක් උදා වී ඇතැයි මාධ්යෙ හමුවකට එක්වෙමින් අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා. වැව් අලංකරණය හා කාබනික පොහොර නිෂ්පාදන නියමු ව්‍යාපෘතිය අනුරාධපුර විලච්චිය යාය හත ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ...
Read More »

Jun 30

දේශපාලන බලපෑම්වලට ලක්වූ ලංගම සේවකයන් 90 දෙනෙක් ආපසු සේවයේ පිහිටුවයි  

0 comments

පහුගිය කාලයේ  දේශපාලන බලපෑම්වලට ලක්වූ ලංගමයේ සේවකයන් අනූ දෙනෙක් ආපහු සේවයේ පිහිටුවා යුතුකම් ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කළා. 2015, 2019 කාලසීමාවේදී මෙසේ දේශපාලන පළිගැනීම් ලෙස සේවයෙන් ඉවත් කළ පිරිසක් යළි සේවයේ පිහිටුවීම සිදු වුණා. ඒ අමාත්‍ය ගාමිණී ලොකුගේ,රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පළමු අදියර යටතේ...
Read More »

Jun 30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්  

0 comments

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් සැපයීමට අදාළ කටයුතු අද (30) සිට යළි ආරම්භ කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පහත නිවේදනයේ වැඩිදුර තොරතුරු සඳහන් වනවා. The post මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් appeared first on ITN News...
Read More »

Jun 30

පළමු පුරවර විශ්වවිද්‍යාලය කෑගල්ල දිස්ත්‍රික්කයට  

0 comments

පුරවර විශ්වවිද්‍යාල පළමු අදියර කෑගල්ල දිස්ත්‍රික්ක‍ය තුළ අරම්භ කිරීමට නිපුණතා, සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි. මෙහි දෙවන අදියර වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විමට නියමිතයි. ඒ පිළිබද සාකච්ඡාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වැවිලි කර්මාන්ත අමාත්‍ය...
Read More »

Jun 30

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13ක් අ‌ගෝස්තු මාසයේ කෙන්යාවට  

0 comments

කොරෝනා වයිරසයට එරෙහිව ඇමරිකාවේ නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13 ක් අ‌ගෝස්තු මාසය වනවිට තම රටට ලැබීමට නියමිත බව කෙන්යා ජනාධිපතිවරයා පවසනවා. කෙන්යාව තුළ සිදු කෙරෙන වයිරසයට එරෙහිව එන්නත්කරණය වේගවත් කිරීමට එන එන්නත් තොගය ඉවහල් වනු ඇති බවටයි කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සඳහන් කරන්නේ. අප්‍රිකා කලාපයේ අනෙකුත් රටවල් මෙන්ම...
Read More »

Jun 30

2023 තෙක් සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කළ නොහැකියි – UN  

0 comments

කඩා වැටීමට ලක්ව ඇති සංචාරක කර්මාන්තය 2023 වසර වන තෙක් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ නොහැකි බවට ජගත් සංවිධානය නිවේදනය කරනවා. ජගත් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක කර්මාන්තය ඇනහිට ඇති අතර එමගින් සිදුව ඇති පාඩුව ඇමරිකා ඩොලර් ට්‍රිලියන 2.4ක් වන බවට ගණන් බලා තිබෙනවා. වයිරස ව්‍යාප්තියට...
Read More »

Jun 30

කිංග් ජොන් උන් එරට ඉහළ පෙළේ  නිලධාරීන් රැසකට බැනවදී  

0 comments

උතුරු කොරියා නායක කිංග් ජොන් උන් එරට ඉහළ පෙළේ  නිලධාරීන් රැසකට බැන වැදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. උතුරු කොරියාව තුළ උද්ගතව ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් මෙම බැනවැදීමට හේතුවී ඇති බවටයි සැක කෙරෙන්නේ. උතුරු කොරියාවෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බවට වාර්තා පළ වුවද එරට තුළ වයිරසය ව්‍යාප්ත වීම නිලධාරීන්ට බැන වැදීමට හේතුවී ඇති...
Read More »

Jun 30

බැසිල් පාර්ලිමේන්තු යවන්න පළාත් පාලන ආයතන රැසක යෝජනා සම්මත කරගනී  

0 comments

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට පළාත් පාලන ආයතන රැසක යෝජනා සම්මත කරගෙන තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ගමනට වඩාත් බිය වී සිටින්නේ විපක්ෂය බවයි ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පවසන්නේ. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් කරන ලෙස මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
Read More »

Jun 30

මීගමුව රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්  

0 comments

සිලෝන් ඇග්‍රෝ ප්‍රීමා ආයතනය මීගමුව රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළා. සිලෝන් ඇග්‍රෝ ප්‍රීමා ආයතනය මෙම උපකරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෙත නිල වශයෙන් භාර දුන්නා. ඒ ප්‍රිමා සමාගමේ සාමන්‍යාධිකාරි සුම්පිත් සිං මහතාගේ මූලිකත්වයෙන්. භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 2.5ක් වනවා. මෙම අවස්ථාවට මීගමුව රෝහලේ...
Read More »

Jun 30

ඕනෑම වරදකරුවෙකුට ව්‍යස්ථානුකූලව සමාව දීමේ බලය ජනාධිපති සතුයි  

0 comments

ඕනෑම වරදකරුවෙකුට ව්‍යස්ථානුකූලව සමාව දීමේ බලය ජනාධිපතිතුමා සතු වන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල සමානාත්මතාව පිළිබද ගැටලුවක් පවතින බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළා.       The post ඕනෑම වරදකරුවෙකුට ව්‍යස්ථානුකූලව...
Read More »

Jun 30

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදෙකලා බව ඉවත් කෙරේ  

0 comments

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා. කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් මින්නේරිතැන්න සුනාමි ගම්මානය හා ගම්පහ මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපේ වත්ත ග්‍රාම නිලධාරි වසමේ උපුල් වසන්ත මාවත හුදකලා බවින් නිදහස් කෙරුණා. මාතලේ ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ කිව්ලවාඩිය හා ගුරුවෙල යන ග්‍රාම නිලධාරි වසම් මෙන්ම කෑගල්ල දෙහිඕවිට...
Read More »

Jun 29

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට  

0 comments

මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අංජු නැමැත්තාගේ ගෝලයෙකු බව කියන මද්දා නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස කල්දෙමුල්ල ප්‍රදේශයේදී ගල්කිස්ස පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගැනුණා. මධුශංක සිල්වා නමැති මොහු අගුලාන ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවයි ප්‍රකාශ වන්නේ. එමෙන්ම මත්ද්‍රව්‍ය හා මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන...
Read More »

Jun 29

වාද්දුවේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා ඇතුළු 29 දෙනෙකුට කොරෝනා  

0 comments

වාද්දුව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ 26 නමක් හා ගිහි පුද්ගලයන් 4 දෙනෙකුට කොරෝනා වැලදී තිබෙනවා. එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් අසනීප වී තිබෙනවා. ඒ අනුව කළ පරීක්ෂාකිරීම් වලදීයි මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගැණුනේ. The post වාද්දුවේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා ඇතුළු 29 දෙනෙකුට කොරෝනා appeared first on ITN...
Read More »

Jun 29

පාරිභෝගිකයා රැකගන්න පනත සංශෝධනය කෙරේ  

0 comments

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සදහා මිල නියම කරන අවස්ථාවලදී වැඩි මිලට එම භාණ්ඩ විකුණන ජාවාරම්කරුවන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.   The post පාරිභෝගිකයා රැකගන්න පනත සංශෝධනය කෙරේ appeared first on ITN News...
Read More »

Jun 29

දුම්රිය වර්ජනය අවසන්  

0 comments

අද පෙරවරුවේ ආරම්භ කළ සංකේත දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණයට එළඹ තිබෙන්නේ.     The post දුම්රිය වර්ජනය අවසන් appeared first on ITN News...
Read More »

Jun 29

දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගමයෙන් අමතර බස් රථ  

0 comments

දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට‌ සිදුවන අපහසුතා මගහැරවීම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ යෙදවීමට තීරණය කර තිබෙනවා. මගී අවශ්‍යතාවය අනුව බස් රථ යෙදවීමේ බලය ඩිපෝ කලමනාකරුවන්ට ලබා දී ඇති බවයි ඒහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ. The post දුම්රිය වර්ජනය හේතුවෙන් ලංගමයෙන් අමතර බස් රථ appeared first on ITN News...
Read More »

Jun 29

සිඩ්නි නගරයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ තවත් විසි දෙදෙනෙකු හඳුනා ගැනේ  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විසි දෙදෙනෙකු අද හමුවී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇති සිඩ්නි නගරය සති දෙකක කාලයක් සඳහා පසුගියදා වසා දැමුණා. සිඩ්නි නගරයට අමතරව පර්ත් , බ්‍රිස්බේන් ඇතුලු තවත් නගර රැසක් ඊයේ දිනයේදී වසා දැමුණේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය වැලැක්වීමටයි. සිඩ්නි නගරයෙන්...
Read More »

Jun 29

පෙට් බෝතල් තහනම් කිරීමට පෙර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක්  

0 comments

මෙරට බහුලව භාවිත කරන දිරාපත් නොවන පෙට් බෝතල් තහනම් කිරීමට පෙර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් සති දෙකක් තුළ සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රධාන බීම සමාගම් තුනකට දැනුම් දෙයි. පෙට් බෝතල් යොදා ගනිමින් පැණිබීම නිෂ්පාදනය කරන සමාගම් තුනක නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අදාළ...
Read More »

Jun 29

‘‘කොළඹ කුරුළු උද්‍යානයේ’’ ඉදිකිරීම් ඇරඹේ  

0 comments

සංචාරක ආකර්ශනය ගෙනෙන කොළඹ කුරුළු උද්‍යාන ව්‍යාපෘතිය මාදිවෙලින් ආරම්භ කෙරුණා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම කුරුළු උද්‍යානය ඉදි කෙරෙනවා. සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා...
Read More »

Jun 29

කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වයෙන් ඊයේ දිනයේදී පමණක් 70 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ දිනයේදී පමණ පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මිය ගිය පිරිසෙන් බහුතරයක් වයස්ගතවූවන් බවයි කැනඩා පොලිසිය නිවේදනය කරන්නේ. ඊයේ දිනයේදී කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙතෙක් කාලයකට කැනඩාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි. මීට වසර 84 කට පෙර එරටින් සෙල්සියශ් අංශක...
Read More »

Jun 29

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ කමිටු වාර්තාව ලබන සතියේ කථානායකවරයාට  

0 comments

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීමට (28) රැස් වූ එම කමිටුව තීරණය කළේය. නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් කමිටුව...
Read More »

Jun 29

වීදි සරා වැඩ වරද්දා ගත් ක්‍රීඩකයින් තිදෙනා ලංකාවට පැමිණෙයි  

0 comments

එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළෙන් මිදී වීථියක සංචාරය කළ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් තුන් දෙනා අද මව්බිමට යළි පැමිණියා. තරගාවලිය අතරමැද මේ විදියට හිස් අතින් ම එන්න සිද්ධවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා පිතිකරු ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් සංචාරයක් සදහා...
Read More »

Jun 29

මීරිගම ප්‍රදේශයේ සගවා තිබූ පොහොර කිලෝග්‍රෑම් 50,000 ගොවීන්ට බෙදා දෙයි  

0 comments

මීරිගම ප්‍රදේශයේ සගවා තිබූ පොහොර කිලෝග්‍රෑම් 50,000 ක පමණ ප්‍රමාණය ගොවීන්ට බෙදා දීමට ක්‍රියා කෙරුණා. රජය මගින් සහන මිලට ලබා දෙන පොහොර මිටි දහසක් මෙසේ මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවට සගවා තිබුණා. පසුව ගම්පහ පාරිභෝගික අධිකාරිය මගින් එම පොහොර අත්අඩංගුවට ගත්තා. අදාළ පොහොර තොගය මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සදහා බෙදා දීම සිදු කෙරුණේ...
Read More »

Jun 29

තවත් 2,222 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 2,222 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 223,471ක් දක්වා ඉහළ ගියා. The post තවත් 2,222 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Jun 29

විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන ඇමතිගේ අවධානය  

0 comments

සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා එන්නත් ලබාදීම පිළිබද විශේෂ අවධානය යොමුව තිබෙනවා. විශ්ව විද්‍යාල කඩිනමින් විවෘත කරන ලෙසත් මෙම එන්නත්කරණ වැඩසටහන විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරන ලෙසටත් විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය  ජී එල් පීරිස් මහතාගෙන් ඉල්ලීමක්...
Read More »

Jun 29

අධික සුළං හා වර්ෂාව හේතුවෙන් රුසියාවේ මොස්කව් නගර වැසියන් දැඩි පීඩාවට  

0 comments

අධික සුළං හා වර්ෂාව හේතුවෙන් රුසියාවේ මොස්කව් නගර වැසියන් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. මහා මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ග දෙපස ඇති ගස් කඩා වැටීමට ලක්ව ඇති බව රුසියා මාධ්‍ය සදහන් කරනවා. පසුගිය දින කිහිපය තුළදී මොස්කව් වැසියන් උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියා. අධික සුළං හේතුවෙන් ගොඩනැගිල්ලක වහලක් සම්පූර්ණයෙන්ම ගැලවී...
Read More »

Jun 29

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහන සැලසීම තවදුරටත්  

0 comments

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් පවුල් සදහා සහන සැලසීම තවදුරටත් සිදුවනවා. නාරාහේන්පිට කිරුල කොට්ඨාශයේ අබයාරාම පටුමග ප්‍ර දේශයේ පදිංචි ජනතාවට වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉන්ද්‍රානි සතරසිංහ ගීගනගේ මහත්මියගේ ප්‍රධාත්වයෙන් පැවැත්වුණා. පවුල් 400 ක් සදහා වියළි ආහාර පාර්සල් ලබාදීම මෙහිදී සිදු කෙරුණා. මේ අතර කොරෝනා...
Read More »

Jun 29

දකුණු අප්‍රිකාව වයිරස ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නීති දැඩි කරයි  

0 comments

වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නීති දැඩි කිරීමට දකුණු අප්‍රිකා රජය පියවර ගෙන තිබෙනවා. ඩෙල්ටා නව ප්‍ර භේදය දකුණු අප්‍රිකාව තුළ පැතිර යාමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ. ආපනශාලා , අවන්හල් හා මත්පැන් අලෙවිසැල් සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට රජය නියෝග කර තිබෙනවා. නීති දැඩි කිරීමත් සමඟ එරට මහා මාර්ග පාලු ස්වභාවයක් ගන්නා ආකාරය විදෙස්...
Read More »

Jun 29

ඉතියෝපියා රජය ටිග්රේ ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ප්‍රකාශ කරයි  

0 comments

ඉතියෝපියා රජය ටිග්රේ ප්‍රාන්තය තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය මාස අටක කාලයක් පුරා ඉතියෝපියා රජය හමුදා හා සටන්කරුවන් අතර ටිග්රේ ප්‍රාන්තයේ දරුණු ගැටුම් පැවතුණා. සටන් අතරතුරදී දෙපාර්ශවයෙන්ම මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. ටිග්රේ ප්‍රාන්තයේ වෙසෙන මිලියන පහක පමණ ජනතාවක් ආහාර හිග කමින් පෙලෙන...
Read More »

Jun 29

විශාරද නන්දා මාලනීගේ ගීත නීතිවිරෝධීව සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට දඩ  

0 comments

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ විශාරද නන්දාමාලනී මහත්මිය ගායනා කර ඇති ගීත නීතිවිරෝධී අයුරින් සංයුක්ත තැටිවලට ඇතුලත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයෙකුගේ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම විත්තිකරුට පනවා ඇති අත්හිටවූ සිර දඩුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. ප්‍රියන්ත...
Read More »

Jun 29

ඕස්ට්‍රේලියාවේ ඩෙල්ටා ව්‍යාප්තිය හේතුවෙන් තවත් නගර කිහිපයක් වසා දැමේ  

0 comments

ඕස්ට්‍රේලියාවේ ඩෙල්ටා වයිරස ප්‍ර භේදය ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නගරයට අමතරව තවත් නගර කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පර්ත්, කුවින්ස්ලන්ඩ් හා බ්‍රිස්බේන් යන ප්‍රධාන නගර මෙන්ම තවත් ප්‍රාදේශීය නගර රැසක්ම මෙලෙස වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම වසා දැමීම මිලියන විස්සක පමණ ජනතාවකට බලපා ඇති බව වාර්තා වනවා. ඉන්දියාවෙන් හදුනාගත්...
Read More »

Jun 29

කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමට සූදානම්  

0 comments

කළුතර දිස්ත්‍රික්කයේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්කවල ද කඩිනමින්ම ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. The post කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙල ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමට සූදානම් appeared first on ITN ...
Read More »

Jun 28

අමාත්‍ය මණ්ඩල තීරණ (2021-06-28)  

0 comments

2021-06-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත පරිදි වේ.    The post අමාත්‍ය මණ්ඩල තීරණ (2021-06-28) appeared first on ITN News...
Read More »

Recent News

Gossip Lanka MAG