ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 18 ඉක්මවා ගියා.
ගතවූ පැය 24 තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හාරලක්ෂ විසි නව දහස් එකසිය හැට නවයත් සමගින් ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද දිනයේදී කෝටි 18 ඉක්මවා ගියා. ඒ අනුව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දහඅට කෝටි තුන් ලක්ෂ හැට අට දහස් නවසිය හතළිස් හයක් ලෙසයි දැක්වෙන්නේ.
ගතවූ පැය 24 තුළදී ඉහළම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වුණේ බ්‍රසීලයෙන්. ඊයේ දිනයේදී එරටින් වාර්තා වුණ කොරෝනා මරණ සංඛ්‍යාව 2343 ක්. ඒ අනුව බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියා. ඊයේ දිනය තුළ බ්‍රසීලයෙන් හදුනාගැනුනු නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,14139 ක්. ඒ අනුව බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්කෝටී අසූ එක් ලක්ෂ හැත්තෑදහස් හත්සිය හැත්ත අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 18 ඉක්මවා යයි appeared first on ITN News.
Post a Comment