අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැදවීම ආරම්භ කර තිබෙනවා.
මෙවර අයදුම්පත්‍ර කැදවනු ලබන්නේ ඔන්ලයින් ක්‍රමයට හෙවත් මාර්ගගත ක්‍රමයට පමණයි. පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙවර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සදහා විදුහල්පතිගේ නිර්දේශ හෝ අත්සන අවශ්‍ය වන්නේ නැහැ.
එමෙන්ම සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 30 ට අඩුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට එම විෂය සදහා ද නැවත සමීක්ෂන අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකියි.
අයදුම්පත්‍ර භාර ගැනීම ජුලි මස 10 වනදායින් අවසන් වනවා.
The post උසස් පෙළ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැදවීම ONLINE ක්‍රමයට appeared first on ITN News.
Post a Comment