Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජය නවසීලන්තයට  

Add comments

අයී.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා අවසන් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගය පැවැත්වුණේ එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී. තරගයේ පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 217 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 249 ක්.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 32 ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමට දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

ඒ අනුව තරගයෙන් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට ලකුණු 139 ක ඉලක්කයක් හිමිවූ අතර කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 140 ක් රැස්කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

නවසීලන්ත කණ්ඩායමේ කායිල් ඇලෙක්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ තරගාවලියක නවසීලන්ත කණ්ඩායම ශූරතාව දිනූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

 

The post පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජය නවසීලන්තයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG