Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1941ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 1941 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

ඉන් පුද්ගලයින් 24 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.

ඒ සමග මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් අටදහස් පනහක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 386 ක්. කොළඹින් 261 දෙනෙකු ද කළුතරින් 252 නෙකුද,  මඩකලපුවෙන් 133 දෙනෙකු ද කෑගල්ලෙන් 125 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 32456ක්. රෝගීන් දෙලක්ෂ දොළොස් දහස් අටසිය විසිපස් දෙනෙකු සුවය ලබා සිටිනවා.

පෙරේදා තහවුරු කළ  ඊයේ වාර්තා කළ මරණ හතළිස් පහ ද සමගින් මෙරට කොරෝනා මරණ  සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා කළ කොරෝනා මරණ 45 න් 18 ක් කාන්තාවන්. මියගිය පිරිමි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 27 ක්.

මියගොස් ඇති අයගෙන් තිස් හතර දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි අය. වයස අවුරුදු 30 ට අඩු එක් අයෙකුද මිය ගිය අය අතර වනවා.

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1941ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG