කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.
විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6 ක්.
මෙරට සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය වෛද්‍යාධාර කට්ටල 880,000 ක්, හෘද ස්පන්දනය මැනීම සඳහා වන Oximeters 1,200 ක් සහ වෙන්ටිලේටර 200 ක් ඒ අතර වනවා.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා මෙම ආධාර ලබාදී ඇති බවයි.
මීට අමතරව ඉදිරි සති කිහිපය තුළ දකුණු ආසියානු රටවලට තවත් සෞඛ්‍ය ආධාර තොගයක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා ලබාදීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
The post අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6 ක හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් appeared first on ITN News.
Post a Comment