ඇමරිකාවට හා කැනඩාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම රටවල කාලගුණ අංශ ජනතාවට දැනුම් දෙනවා.
මේ වනවිට ඇමරිකාවේ හා කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් හත ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. උෂ්ණත්වය ඉහළ යාමත් සමග විදුලිය භාවිතය ද වැඩිවී ඇති අතර ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා. උෂ්ණාධික කාලගුණයෙන් සිදුවිය හැකි හානි වලක්වා ගැනීම සදහා ජලය වැඩිපුර පානය කිරීම, ශීතකල ආහාර ලබාගැනීම මෙන්ම එළිමහනේ කාලය ගත කිරීමෙන් වැලකීම සිදුකරන ලෙස කාලගුණ අංශ දැනුම් දෙනවා.
The post ඇමරිකාවේ හා කැනඩාවේ උෂ්ණත්වය ඉහළ යයි appeared first on ITN News.
Post a Comment