ඩෙල්ටා වයිරස ප්‍රභේදය පැතිරීම වැලැක්වීම සදහා රටවල් රැසක් නව නීති පනවා තිබෙනවා.
බංග්ලාදේශය, ඉන්දුනිසියාව, ඕස්ට්‍රේලියාව හා ඊශ්‍රායලය ඇතුලු රටවල් රැසක් මෙලෙස වසා දැමීමේ නීති පනවා ඇති බවයි වාර්තා වන්නේ. ඩෙල්ටා වයිරස ප්‍ර භේදය ශ්‍රීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මේ වනවිටත් රටවල් රැසක සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ලක්ව තිබෙනවා. ලොව ධනවත් රටවල් එන්නත්කරණය මගින් වයිරස ව්‍යාප්තිය පාලනය කළද දුප්පත් රටවල් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි විශ්ලේෂකයින් පවසන්නේ. වයිරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා මිලියන හතරකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර කෝටි දහ අට ඉක්මවූ පිරිසකට වයිරසය ආසාදනය වී තිබෙනවා.
The post ඩෙල්ටා නිසා රටවල් රැසක සෞඛ්‍ය පද්ධති කඩා වැටෙයි appeared first on ITN News.
Post a Comment