Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක් මගින් අපහාස කළැයි දෙදෙනෙකු ලී කුරුසයක තබා ඇණ ගහලා  

Add comments

ෆේස්බුක් හි අපහාසාත්මකව යමක් පල කළයි කියන සිද්ධියකට උරණ විමෙන් මහනුවර ප්‍රදේශයේ තවත් අපරාධයක් සිදුවුණා.

මහනුවර අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ දී ලී කුරුසයක තබා පුද්ගලයන් දෙදෙනෙකුගේ දෑත්වලට පරාල ඇණ ගැසීමේ ක්‍රියාවක් පිළිබද වාර්තා වුණා. මෙම දෙදෙනා මේ වන විට  මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධීය පිළිබද විමර්ශනය කළ පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව ගාල්තැන්න ප්‍රදේශයේ කැළෑබද කදු මුදුනක විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් සතුව තිබී කඩු පහක් පොලීසිය සොයා ගත්තා. පුද්ගලයින් පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථයද සොයාගෙන තිබෙනවා. මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන කෝටිපති කපුවෙකු ඇතුළු තවත් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

The post ෆේස්බුක් මගින් අපහාස කළැයි දෙදෙනෙකු ලී කුරුසයක තබා ඇණ ගහලා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG