Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා දින වෙන් කිරීම අන්තර්ජාලය ඔස්සේ  

Add comments

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා සිය කාර්යාලවලට පැමිණෙන සේවා දායකයින්ගේ පහසුව වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම මාතර , වව්නියාව , මහනුවර කුරුණෑගල යන ප්‍රා දේශීය කාර්යාලවල සියලු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සිදුකෙරෙනවා. එබැවින් අත්‍යවශ්‍යම අය පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයට පැමිණ සේවාව ඉටුකර ගන්නා ලෙසයි මෙම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තමන්ට අවශ්‍ය දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

 

The post විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා දින වෙන් කිරීම අන්තර්ජාලය ඔස්සේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG