ඉන්දියාවෙන් හමුවූ ඩෙල්ටා නව කොරෝනා වයිරස ප්‍රභේදයට එන්නතක් නිෂ්පාදනය කිරීම බැරෑරූම් කටයුත්තක් නොවන බවයි චීන විශේෂඥයින් පවසන්නේ.
කොරෝනා වයිරසයට එරෙහිව දැනට නිෂ්පාදනය කර ඇති එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට විරුද්ධව මේ වනතෙක් සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නැහැ. කෙසේ වුවද ඩෙල්ටා ප්‍රභේදය සාර්ථකව මැඩ පැවැත්වීමට ඉතා කෙටි කාලයක් තුළ එන්නතක් එළි දැක්වීමට සූදානම් බවයි චීන විශේෂඥයින් සදහන් කරන්නේ. වයිරසයට එරෙහිව චීනයේ නිෂ්පාදිත එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවත් යම් සාර්ථකත්වයක් පෙන්වන අතර එම එන්නත් තවදුරටත් වැඩි දියුණු කිරීමටයි විශේෂඥයින් පියවර ගෙන ඇත්තේ. චීනයෙන් පළමු වරට ඩෙල්ටා ආසාදිතයන් ගුවැන්ෂු ප්‍රාන්තයෙන් හමුවූ අතර මේ වනවිට එම සංඛ්‍යාව එකසිය පනස් තුන දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post ඩෙල්ටා ප්‍රභේදයට එන්නතක් නිෂ්පාදනය කිරීම අමාරු නැහැ – චීන විශේෂඥයින් appeared first on ITN News.
Post a Comment