සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ පුද්ගලයින් 603 දෙනෙකුට දැඩි ලෙස අවවාද කිරීමට පොලීසිය ක්‍රියා කළා. 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පිරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. එහිදී විවෘත කිරීමට තහනම් කර ඇති කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාංගන, පිහිණුම් තටාක, පුස්තකාල, සිනමා ශාලා, කෞතුකාගාර හා අවන්හල් ආදිය පරීක්ෂාවට ලක්කෙරුණා. එවැනි ස්ථාන 1,318 ක් පරීක්ෂා කළ බවයි පොලීසිය පවසන්නේ. විවෘතකර තැබූ එවැනි ස්ථාන 313 ක් මෙහිදී සොයා ගැණුනා.
The post සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතැකූ 603 දෙනෙකුට පොලීසියෙන් දැඩි අවවාද appeared first on ITN News.
Post a Comment