ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් තුන්දෙනෙකු රාත්‍රී කාලයේ එංගලන්තයේ වීථියක සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය දක්නට ලැබුණා. එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර ඔවුන් මෙරටට කැදවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා පිතිකරු ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් සංචාරයක් සදහා එංගලන්තයට ගොස් සිටින අතරතුර ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණ සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වීමත් සමගයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඔවුන්ට අදාළ ජෛව ආරක්ෂණ බුබුළුලෙන් පිටතට යාමේ සිද්ධිය පදනම් කරගෙන මෙලෙස තරග තහනමක් පනවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවති විධායක කමිටු සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පරීක්ෂණ කටයුතු නිමවනතුරු ඔවුන්ට පනවා ඇති තරග තහනම ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෞඛ්‍ය නිර්නායකයන්ට අනුකූලව ක්‍රිකට් තරග සංවිධාන කළ අතර එහිදී සියලු ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩල ජෛව බුබුළකට අනුගතව ක්‍රියා කළ යුතු වනවා. කිසියම් රටකට විදෙස් ක්‍රීඩකයින් පැමිණීමේදී සංචාරය අවසන් වනතුරුම ඔවුන් සියලු දෙනා ජෛව බුබුළ තුළ රැදී සිටිය යුතුයි.
කෙසේ වුවද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයේ දැක්වෙන්නේ කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල ඩර්හැම් නගරයේ සැරිසරන ආකාරයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් උපනායක කුසල් මෙන්ඩිස්ගේ එක් අතක දුම්වැටියක් තිබෙන අයුරුද එම වීඩියෝවේ දක්නට ලැබෙනවා. එමෙන්ම මීට පෙර චෝදනා කිහිපයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලකද ඔවුන් දෙදෙනා සමඟ ගමන් කරන අයුරු තවත් වීඩියෝවක දැක්වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්,විශ්ලේෂකයින් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අප්‍රසාදයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටියා.
The post බුබුලෙන් මිදී වීදි සැරූ කුසල්, දික්වැල්ල, ධනුෂ්ක වැඩ වරද්දා ගනී appeared first on ITN News.
Post a Comment