Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් කැනඩාවට දැඩි බලපෑම්  

Add comments

කැනඩාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණයෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අධික උෂ්ණත්වයෙන් මිදීම සඳහා එරට ජනතාව නගරයන්හි ඉදිකර ඇති ජල තටාක හා පිහිනුම් මධ්‍යස්ථානවලට එක්රැස්ව සිටින ආකාරයයි මාධ්‍ය වාර්තා කර සිටියේ. පිහිනුම් තටාක අසල දිගු පෝලිම් ද දක්නට ලැබෙන බව සඳහන්. ඊයේ දිනයේදී කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.6 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එය වසර 85 කට පසු එරටින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි. හෙට දිනයේ සිට උෂ්ණාධික කාලගුණයේ යම් අඩුවක් බලාපොරොත්තු විය හැකි බව කැනඩා කාලගුණික අංශ නිවේදනය කරනවා.

 

The post උෂ්ණාධික කාලගුණය හේතුවෙන් කැනඩාවට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG