බංග්ලාදේශයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු දිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරකයි මෙම නායයෑම සිදුව තිබෙන්නේ. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් ද වනවා. පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරනවා. මෙම දිනවල බංග්ලාදේශයට ඇද හැලෙන මෝසම් වර්ෂාපතනයත් සමඟයි මෙම නායයෑම සිදුව ඇත්තේ. වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හට ගෙන තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ද අධික වැසි බලාපොරොත්තු වන බව කාලගුණ අංශ සඳහන් කරනවා. රෝහින්ග්‍යා සරණාගත කඳවුරු තුළ ලක්ෂ 10 ක පමණ සරණාගතයින් පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ.
The post බංග්ලාදේශයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment