නිල් මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයේ කහවත්ත තම නිවසේ ළිඳක් හාරමින් කම්කරුවන් පිරිසකට අහම්බයෙන් හමුවී තිබෙනවා.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේ ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි නිල් මැණික් පොකුරක් හමුවූ බවයි.
ජාත්‍යන්තර වෙළඳපොල තුළ එම නිල් මැණික් පොකුරේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100 ක් පමණ වන අතර මැණික් පොකුර කැරට් මිලියන 2.5 ක් , කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත බවටයි සැලකෙන්නේ.
“Serendipity Sapphire” ලෙස මෙම මැණික් පොකුර නම් කර තිබෙනවා.
එය විශ්ලේෂණය කර සහතික කිරීමට පෙර මඩ හා වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට වසරකට වැඩි කාලයක් ගත වනු ඇති බවයි වාර්තාවන්නේ.
පොකුරු වලින් සමහර ගල් වැටී ඇති බවත් ඒවා උසස් තත්ත්වයේ තරු නිල් මැණික් බව සොයා ගත් බවත් පැවසෙනවා.
The post ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර රත්නපුරයෙන් මතුවෙයි appeared first on ITN News.
Post a Comment