කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක පමණ කාලයක් වසා තිබූ ජාතික වනෝද්‍යාන යළිත් විවෘත කිරීමට රජය මගින් තීරණය කරනු ලැබීමෙන් පසු ජාතික වන උද්‍යානය විවෘත කිරීම පිළිබඳව පූර්ව සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සී. බී . රත්නායක මහතා සිදු කළේය.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම උද්‍යාන පිවිසුමේ ඇති සංචාරක මාර්ගෝපදේශ පුවරුවල පවත්නා අඩුපාඩු පෙන්වා දුන්නා. ප්‍රවේශ කවුළු දෙකක් විවෘත කර ප්‍රමාදයකින් තොරව වනෝද්‍යානයට ඇතුළු වීමට ඉඩ සලසන ලෙසට උපදෙස් ලබා දුන්නා.
ඖෂධීය පානයක් ලබා දීම සදහා අවන්හලක් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට අදාළ වෙබ් අඩවියක් ආරම්භ කරන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.
මේ අතර පොල්පැළ ලක්ෂ හතළිහක් සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මීරිගම පල්ලෙවෙල නුන්ගමුව කැන්දලන්ද ප්‍රදේශයේ පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා. කාබනික පොහොර යොදා ගනිමින් මෙම වගාව සිදු කිරීම විශේෂත්වයක්. මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයජන සේපාල මහතාගේ මූලිකත්වයෙනුයි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ.
The post සෞඛ්‍යාරක්ෂිතව වනෝද්‍යාන අරින්න විධිමත් සැලැස්මක් appeared first on ITN News.
Post a Comment