Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කිහිපයක්  

Add comments

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කිහිපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

අදාළ කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න සහ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවනු ලැබුවා. එම අවස්ථාවේයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම දැනුම්දීම සිදු කළේ.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති හතක් සංශෝධනයට ලක් කිරීමට තීරණය කර ඇති බවයි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ. මෙම සංශෝධන අන්තර්ගත කෙටුම්පත හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. අනතුරුවයි පෙත්සම් විභාගය ආරම්භ කෙරුණේ. ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පාර්ශ්ව අටක් මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

The post මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කිහිපයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG